පිළිස්සූ මස් වර්ග ශරීරයට අහිතකරද ? ඒවායෙහී පිළිකා කාරක අඩංගුද?

ඔබත් පුළුස්සන ලද මස් වර්ග ගැනීමට පුරැදු වූ අයෙක්ද.? තවමත් එහි ඇති අහිතකරභාවය සැලකිලිමත් වූයේ නැද්ද.

පුළුස්සන ලද ආහාර විශේෂයෙන්ම කුකුළු මස්, ගව මස්, ඌරැ මස් ආදියේ ‘‘හෙටරොසයික්ලික්‘‘ නමින් පිළිකා කාරක අධි සාන්ද්‍රනයක් අඩංගු බව ඔබ දන්නවාද?

මෙම පිළිකා කාරක වැඩිම සාන්ද්‍රනයක් අඩංගු වන්නේ අප රටේ වැඩි දෙනෙක් සෞඛ්‍යය ට හිතකර ආහාර යැයි සලකන පුළුස්සන ලද කුකුළු මස්, ගව මස්, ඌරැ මස්,සැමන් සහ හැම් බර්ගර් වැනි වෙනත් මස් නිෂ්පාදන වලදී ය.

ඇමරිකාවේ බහුලව දක්නට ඇති මෙම පිළිකා කාරකය H.C.A.C නමින් හැඳින්වෙන අතර 2005 ජනවාරි මාසයේදී ඇමරිකානු රජය විසින් පිළිකා ලැයිස්තුවට මෙය ඇතුලත් කර තිබෙනවා.

සත්ත්ව මේදය , පිළිකා හට ගැනීමේ අවදානම වැඩි කරන අතර පුළුස්සන ලද මස් වල අඩංගු H.C.A.C ප්‍රබල පිළිකා කාරකයක් බවට අනාවරණය වී තිබෙනවා.

කුකුළු මස් වල හා අනෙකුත් පේශී පටක වල අඩංගු ක්‍රියෙටීන් ඇමයිනෝ අම්ල හා සීනි මගින් ඒවා පිසීමේදී H.C.A.C පිළිකා කාරකයන් නිපදවනවා. අධික රශ්මිය හා පිසීමට ගත වන කාලය දීර්ඝ වූ විට හා උෂ්ණත්වය වැඩි වූ තරමට H.C.A.C වැනි පිළිකා කාරක හටගන්නවා.

මිනිසුන්ට වැළඳෙන පිළිකා කෙරෙහි සැළකිය යුතු කාර්ය භාරයක් ඉටු කරන පොලිසයික්ලීක් හයිඩ්‍රොකාබන් ඇතුළු මියුටජෙන්ස් විශේෂයෙන්ම කුකුළු මස් තුළ නිපදවෙනවා.

එළවළු හා පළතුරු අධික ගිනි රශ්මියෙන් පිසූවද මෙවන් පිළිකා කාරක හට නොගනී. මොකද මේද ප්‍රමාණය අඩු නිසා හා තන්තු වලින් පොහොසත් නිසාවෙනි. මේ ශාක ආහාර පිළිස්සීමෙන් පසු උණුවෙන්ම ආහාරයට ගන්නා විට ප්‍රණීත රසයක් ලැබෙනවා.
සකස් කළ මස් පිළිකාවන්ට මග පාදයි.

පෝෂණය හා පිළිකා පිළිබඳව මෙතෙක් කරලා තියෙන පුළුල් සමාලෝචනය ඇමරිකානු පිළිකා පර්යේෂණ ආයතනය හා ලෝක පිළිකා පර්යේෂණ අරමුදල මගින් 2007 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව බේකන් හා හොට් ඩෝග්ස් වැනි සකස් කළ ආහාර මහාන්ත්‍ර ගුද පිළිකා අතර colorectal දැඩි සම්බන්ධතාවක් පවතිනවා.

සකස් කළ මස් ස්වල්ප ප්‍රමාණයක් වුවද ආහාරයට ගැනීම අහිතකර නිසා ඒවා පරිභෝජනයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින්න.

සකස් කළ මස් යනු දුම් ගැස්සීමෙන්, ලුනු යෙදීමෙන්, හෝ සංරක්ෂණ ද්‍රව්‍ය එක් කිරීමෙන් පිළියෙල කරන ලද මස් වර්ගයි.

මේවාට නයිට්‍රයිස් හෝ නයිට්‍රේට්ස් පැස්ට්‍රාම් , සලාමි , හැම්බර්ග්ස් සහ සිහින්ව කපා සකස් කළ මස් වර්ග අයත් වේ.

පිළිකාවන්ගෙන් පෙළෙන හා නොපෙළෙන එහෙත් වෙනත් ආකරයන්ගෙන් ඔවුන් හා සමාන පුද්ගලයන් ගත් ආහාර සසඳා අධ්‍යනයන් 44 ක් අනුසාරයෙන් හා පිළිකා හට ගැනීමට ප්‍රථම අවදියේ පසු වූ පුද්ගලයන් ගත් ආහාර හා ඔවුන්ගේ ආහාර රටාවන් කලක් තිස්සේ පසු විපරමට භාජනය කෙරැනු අධ්‍යනයන් 14 ක් අනුසාරයෙනි.

ඔබ දිනපතා ආහාරයට ගන්නා සකස් කළ මස් සෑම 50g කින්ම මහාන්ත්‍ර ගුද පිළිකා වැළඳීමේ අවදානම 21% කින් වැඩි වෙනවා. සකස් කළ මස් අනුභවය ආහර නළයේ oesophagus , පෙණහලු , ආමාශ සහ ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකාවන්ට සම්බන්ද බව සමහර අධ්‍යනයන්ගෙන් හෙලි වී ඇති නමුත් මේවා වඩාත්ම බලපාන්නේ මහාන්ත්‍ර ගුද පිළිකා වලටයි.

සකස් කළ මස් මගින් මගින් පිළිකා හටගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු..

විද්‍යාත්මකව සලකා බැලුවහොත් මෙය දුම් කොළ හා ළය පිළිකා අතර ඇති සම්බත්දතාවයට බෙහෙවින් සමාන දෙයකි. දුම් කොළ දුමෙහි රසායනිකයන් සිය ගනනක් තිබෙන අතර පෙනහළු පිළිකා ඇතිකරන රසායනය තවමත් හරිහැටි සොයාගෙන නැත.

සකස් කළ මස් වල විශේෂයෙන්ම සංතෘප්ත මේදය හා කොලෙස්ට්‍රෝල් හා ලුනු පෙහෙවින් අඩංගු වෙනවා. සංරක්ෂකයන්, වර්ණකයන්, හෝ රස කාරකයන් ලෙස බොහෝ අවස්ථා වල යොදා ගන්නේ නයිට්‍රයිට්ස් මගින් එන නිට්රොසෝ සංයෝගයෙන් නිපදවන්න පුළුවන් පිළිකා කාරකයන් ලෙස heterocyclic amines සහ polycyclic aromatic hydrocarbons ඇතුළු පිළිකා කාරකයන් තිබෙනවා.

රතු හා සකස් කළ මස් වල හේමේ යකඩ අඩංගු වන නිසා මෙම හේමේ නම් පිලිකා කාරකය නිපදවන වේගය වැඩි කරන අතර එහි අඩංගු සංයුතීන් මුක්ත ඛණ්ඩයන් නිපදවීමටද මග පාදනවා.

සකස් කළ මස් කොහෙත්ම ආහාරයට නොගත යුතුයි යන විද්‍යාත්මක මතය ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද බලපානව.

සංවර්ධනය වෙමින් පවතින අපේ රට වැනි රටක විකල්ප ශාක ආහාරයන් ගණනාවක් පවතින නිසා අපි නිරන්තරයෙන් ශාක ආහරයට ගැනීමට පුරැදු වෙමු.

By Kaushi Indrapala

User 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *