අගමැති වහා ඉල්ලා අස්විය යුතුයි.විශ්වාසභංගය ඒකමතිකව පක්ෂයි. ශ්‍රිලනිපය දන්වයි.

හෙට දිනයේ(04) විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී ඇමතිවරුන් සිවු දෙනෙකු පමණක් සදහන් කර ඇත්තේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන ඉදිරියට යා යුතු බවයි.

එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ තමනට තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ අගමැති දුරයේ තබාගෙන ගමනක් යා නොහැකි බවත් ඔහු අගමැති ධුරයේ තවත් සිටියහොත් රටට මහා විනාශයක් වන බවත්ය.

ඒ අනුව මෙම තීරණය අද පෙරවරුවේ අගමැතිවරයා වෙත දැනුම් දීමට නියමිත අතර අගමැතිවරයා එකග නොවන්නේ නම් විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දෙන බවත් දැනුම් දීමට නියමිතය.

User 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *