දිගන ගැටුම් වලින් තවත් තරුණයෙකු මිය යයි.. ඊයේ ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි .

ඊයේ 05 දා මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධිය අතරතුර ගිණිගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි.

මෙම මරණය පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදුවෙමින් පවතී.

මේ අතර මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා එම නඟරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා තිබේ.

අම්පාර – අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇති අතර ආට්ටාලච්චෙනයේ ගුරු විද්‍යාලයේ සියලුම සිංහල ගුරුවරුන් එයින් ඉවත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පියවර ගත් බව පවසයි.

User 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *